Buscar

Páginas

නිලඹර වසන්තය.....(6 කොටස)



නිලඹර වසන්තය.....(5 කොටස) මෙතනින් කියවන්න
.................................................................


"මල්ලී.....මල්ලී......නැගිටිනවකො හලෝ."
"මොකද ඕයි....පොඩ්ඩක් ඇලවෙන්න කියල ඇඳට වැටුන විතරයි,ඇවිල්ල වද දෙන්න ගන්නවා."අඩවන් දෑසින් යුතුව දේවින්ද පැවසීය.
"මේ....මේ හවස හයට කවුද හලෝ නිදාගන්නෙ.නැගිටල පොඩ්ඩක් කඩේට ගිහිල්ල එනවකෝ.අද තාත්තගෙ යාළුවො වගයක් එනවලු."
"ඉතින් මට මොකෝ....තාත්තගෙ යාලුවො එනවනම් ඒක ගිහිල්ල තාත්තට කියනව.මට මොනවද කියන්නෙ."
"තාත්තට කියන්න දෙයක් නෑ හලෝ....තාත්ත දන්නව.අම්ම කිවුව ඔයාට කඩේට ගිහිල්ල ටිකක් ලොකු අයිස්ක්‍රීම් එකක් අරගෙන එන්න කියල.ඉක්මනට යනවකො.ඒ මිනිස්සු දැන් මග එනවත් ඇති.ඉතින් කිවුවම යනවකෝ......."අයේෂා තම සොයුරාට කිති කැවුවාය.
"යනවකො හලෝ පව් නොදී........මම යන්නම්.හැබැයි පයින්නම් බෑ.තාත්තගෙන් බයික් එකේ යතුර ඉල්ලල දෙනවා."
"තමුසෙගෙ හැටි මම දන්නවනේ.ඒක නිසා මම යතුරත් ඉල්ලගෙනම තමයි ආවෙ.ආ.....මෙන්න.ඉක්මනට ගිහින් එනවා."ඇය දේවින්ද අත පියාගේ මෝටර් සයිකලයේ යතුර තැබුවාය.
ඇඳෙන් බිමට බට දේවිඳ ටී ෂර්ටයකුත් කොට කලිසමකුත් හැඳ ගෙදරින් එලියට බැස්සේය.
"පොඩි පුතා......බයික් එකේ යනවනම් ඕකට පෙට්‍රල් ටිකකුත් දාගෙනම එන්න."නිවසේ සිට පැමිණි දේවින්දගේ පියා ඔහු අත රුපියල් පන්සියයේ කොලයක් තැබුවේය.
"ඔය පන්සීයෙම ගහගෙන එන්න.සැරින් සැරේ මේකට තෙල් ගහන්න දුවන්න බෑ."ඔහු දේවින්දට පැවසීය.
"හරි...මම ගහගෙන එන්නම්."යතුරු පැදිය පණගන්වමින් දේවින්ද පැවසුවේය.යතුරු පැදිය පණගන්වාගත් දේවින්ද පවනට බඳු වේගයෙන් නිවසේ සිට මහා මාර්ගය වෙත යතුරු පැදිය ධාවනය කරවීය.
"මොකද ඔච්චර හදිස්සි.ඕක හෙමින් එළවනවා."දේවින්දගේ පියාගේ කටහඬ වාතලයට මුසුවිණි.
පැයට කිලෝමීටර් 50ත් 60 අතර පමණ වේගයෙන් යතුරු පැදිය පැදවූ දේවින්දට විනාඩි 10කින් පමණ කඩ වීදිය වෙත ලඟාවීමට හැකිවිය.කඩපෙලෙහි ඇති එක් වෙළඳ සැලක් ලඟ යතුරුපැදිය නැවැත්වූ දේවින්ද ලීටර් 4ක වැනිලා අයිස්ක්‍රීම් කෑන් එකක් මිලදී ගත්තේය.ඉන්පසුව තෙල් පිරවුම්හල වෙත යතුරුපැදිය ධාවනය කරවූ දේවින්දය පැය භාගයක් පමණ ගතවනවිට නැවතත් නිවස වෙත ලඟාවීමට හැකිවිය.

යතුරුපැදිය ගෙමිදුලට හරවනවාත් සමගම දේවින්දගේ නෙත ගැටුනේ අළු පැහැගත් ටොයොටා කොරොල්ලා වර්ගයේ මෝටර් රථයකි.තම පියාගේ යහළුවන් පැමිණ ඇති බව වටහාගත් දේවින්ද ඉදිරිපස දොරින් ගෙතුලට ඇතුල් නොවී පිටුපස දොරින් ගේ තුලට ගමන් ගත්තේය.
           පිටුපස දොරට ආසන්න වනවිට තම සොහොයුරිය තවත් කවුරුන් හෝ සමග කතාකරමින් සිටින බව දේවින්දගේ දෙසවන වැකුණි.
"මොනවා......මට ඇහුන හැටි වැරදිලාවත්ද,නැත්නම් මට ඇහුනෙ ඒ කටහඬමද?"
ඒ පැණයත් සමගම දේවින්ද පිටුපස දොරින් ගෙට ඇතුලු විය.එක්වරම දුටු දසුනින් පුදුමයට පත් දේවින්දගේ අතේ තිබූ අයිස්ක්‍රීම් බෑගයද බිම වැටෙන්නට ගියේය.
"දේවින්ද අයියෙ ඔයා..........."තාරකාගේ කටහඬේ ඉමහත් විශ්මයක් ගැබ්වී තිබුණි.
"ඔයා මෙහෙ...?"දේවින්ද ද විශ්මය ගැබ් කොටගත් කටහඬකින් යුතුව ඇසුවේය.
"පොඩ්ඩක් ඉන්න,පොඩ්ඩක් ඉන්න.....දැන් එතකොට ඔය දෙන්න මීට කලින් හොඳට අඳුනනව වගේ......."අයේශා පැද්දට පැන්නාය.
"ඔව් හලෝ.....මතකද දවසක් මම කිවුව බාස්කට්බෝල් ප්‍රක්ටිස් වෙලාවෙ කෙල්ලෙක්ව වැටිල එයාව ගිහිල්ල දාන්න එයාලගෙ ගෙදර ගියා කියල.තමුසෙ එදා ඒ කතාව විශ්වාස කලේ නෑනෙ."
"ඉතින්.........."
"ඉතින් කියන්නෙ......ඒ කෙල්ල තමයි දැන් ඔය ඔයාගෙ ඉස්සරහ හිටන් ඉන්නෙ..."දේවින්ද තාරකාව පෙන්වා පැවසුවේය.
"ආ.....එහෙමද?"අයේශා කට ඇද කරමින් පැවසුවාය.තවත් ටික වෙලාවක් ඔවුන් සමග කතාකරමින් සිටි දේවින්ද යුවතියන් දෙදෙනා ද් කැටුව සාලය වෙත පිය මැන්නේය.
"අම්ම පොඩ්ඩක් බලන්නකෝ මෙන්න මෙයාව මතකද කියල....?"තාරකා සලයට පිවිසුනේ තම මවට දේවින්දව පෙන්වමිණි.
"ආ......මේ දරුව ඉන්නෙත් මෙහෙමද?"තාරකාගේ මවත් එක්වරම විමතියට පත්විය.
"ඔව්...මේ අපේ පොඩි පුතා දේවින්ද.මිසිස් ගුණසේන කොහොමද අපේ පුතාව දන්නෙ?"
"මෙන්න මේකනේ අම්ම සිද්ධිය..........................."සියල්ලන්ගෙන්ම ප්‍රශ්ණ වැලකට මුහුන දීමට අකමැති වූ දේවින්ද සියල්ලන්ටම සිද්ධිය විස්තර කර දුන්නේය.
ඉන් ටික වේලාවකට පසුව එතනින් දේවින්දගේ පියා සහ ගුණසේන මහත්මා කාමරයක් තුලට යෑමට සැරසුණි.ඔවුන් ඉවතව යන්නේ මත්පැන් පානය සඳහා බව සියල්ලන්ටම ක්ෂණයෙන් වැටහිණි.
"ඔයා ඩ්‍රින්ක්ස් ගත්තට කමක් නෑ....හැබැයි ඉතින් ආයිත් කාර් එක ඩ්‍රයිව් කරගෙන ගෙදර යන්න ඕනෙත් ඔයාමයි කියල මතක තියාගන්න ගුණේ....."තාරකාගේ මව තම සැමියාට අවවාදයක් අයුරෙන් පැවසුවාය.
තවත් ටික වේලාවක් ආගිය තොරතුරු කතාකරමින් සිටි දේවින්දගේ මව රාත්‍රී ආහාරය පිළියෙල කිරීම සඳහා සූදානම් වූවාය.
"අපේ අයේශා දුව තනියම කුස්සියේ වැඩ ඇති.ඔයාල ටිකක් කතා කර කර ඉන්නකෝ...මම ඒ පැත්තට ගිහිල්ල එන්නම්."දේවින්දගේ මව පැවසුවාය.
"පොඩ්ඩක් ඉන්න.මමත් එනවා......යාලුවො දෙන්න කතා කර කර ඉන්නෙ නැතෑ.."තාරකාගේ මවද දේවින්දගේ මව සමග සාලයෙන් එපිටට පියවර මැන්නාය.
දේවින්ද සමග තාරකා පමණක් සාලය තුල තනි වූහ.

12 comments:

araliya

ayyo.........hodama tanin oya nawattalane....ammagen permision labunata blog eka karanna,ayya kiyanawa danmama epalu a/l iwara unata passe patan gannalu.itiri kotasat ikmanatama danna hode.........

කෝඩුකාරයා

araliya:එහෙම තමා.....හොඳම තැනින් තමයි නවත්තන්නෙ....අයිය එපා කිවුවනම් ඉතින් මොනව කරන්නද...?එහෙනම් ඉතින් අරලියගෙ බ්ලොග් එකක් බලන්න තියන ආසාව තව 2 Years පස්සට දාගන්න වෙනව නේ............

araliya

mona karannada itin duka tama ane.......

The තරුවා

අඩේ...එලනේ...
මම ආසයි..නවතින්න..ඒ හීනයේ....

කෝඩුකාරයා

araliya:අලිය පිටින් නැට්ට මැරෙන කාලෙ ඕව මොනාද නංගී.....

කෝඩුකාරයා

තරුවා:ඒ හීනෙ නැවතිලා ඉඳල හරියන්නෙ නෑ...කතාවෙ අඩුපාඩු මොනවද කියල කියපන්

Anonymous

ෂෝයි!! :)

කෝඩුකාරයා

බොහෝම ස්තූතියි අක්කේ.........හැබැයි ඉතින් ඉස්සරහටනම් කතාව ගැන මීට වඩා විචාර දක්වන්න ඕනෙ හොඳේ.........

ඔන්න අහෙනම් all the bzt

mokakda bn awurudu ganak yanwaneeee akak danna umbata

කෝඩුකාරයා

ඔන්න අහෙනම් all the bzt : ඇත්තටම මචෝ මේ දවස්වල ලියන්න වෙලාවක් නැතුව ඉන්නේ.......මම පුලුවන් තරම් ඉක්මනට අනිත් පෝස්ට් එකත් දාන්නම්.

Anonymous

kodu kareyoooo kathawe liyanen naddoooooooooooo :P

Unknown

ma ithuru tikath dapan aneee